Saturday, March 26, 2011

මේ ඇරඹුමයි මාවත බෝ දුරයි...!!!
අලුත් ඇරඹුමක් කියල හිතුවට හැම දෙයක්ම අලුත් නෑ..වෙච්ච දේවලුයි අදහසුයි ගොඩක් පරණ වෙනනත් පුලුවන්.. සටහන් තියන තැන තමා අලුත්...  මට තේරෙන විදිහට මේ ලෝකෙ පරණ දේවල්ම තමා නැවත නැවතත් සිදුවෙන්නෙ...


ආයුබෝවන් !!! 
මගේ මුල්ම පෝස්ට් එක දාන්න හිතුවා අද රෑ.. අද ම තමයි මං මේක හැදුවෙ.. මට රෑටයි දවල්ටයි පේන විකාර හීන ගැන සටහනක් තියන්න කාලෙක ඉන්ම උවමනාව තිබුනත් වැඩ නිසා කල් දැම්ම...ඒත් දැන් නම් ලියන්න පටන් ගන්න ඕන.. මේක දිගටම කර ගෙන යන්න බැරි උනත්...
අද තිබුන ශ්‍රී ලංකා-එංගලන්ත අර්ධ අවසන් පූර්ව මැච් එක බලපු නිසා ටිකක් රෑ උනා...ටිකක් කියන්නෙ මං නිදා ගන්නෙ ගොඩක් රෑ වෙලා නිසා..ඒ කියන්නෙ පාන්දර 1ට විතර.... 
මට මේ අකීකරු හීන පේන්නෙත් ඒක නිසාමද දන්නෙ නෑ... හරි කොහොම උනත් දැන් නම් මට මොනවත් ලියන්න හිතෙන්නෙ නෑ..හේතුව ලියන්න දේවල් ගොඩක් තියෙන නිසා එකක්වත් පැහැදිලිව මතක් වෙන්නෙ නැති නිසා....
බලමු හෙට ඉලවත් හරිහමං පෝස්ට් එකක් දාන්න...